Tuesday, February 17, 2026
Follow Us
ගෑස් එක් නැවකට ගෑස් තොග ගොඩබෑමට අවසර

ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතියට


ලිට්‍රෝ සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද එක් නෞකාවකට එහි ඇති ගෑස් ගොඩබෑම සඳහා අවසරදී තිබේ.

දෙවන වරට පැමිණි නෞකාව මෙලෙස ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

ලිට්‍රෝ සමාගම විසින් පසුගියදා ඇණවුම්කරන ලද ගෑස් රැගත් නැවක් මෙරටට පැමිණි අතර පාරිභෝගික අධීකාරිය, ඛණිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු කණ්ඩායම් කිහිපයක් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළේය.

එහිදී එම ගෑස්වල ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය නියමිත ප්‍රමිතියට පවතින බවට අනාවරණය විය.

එහෙත් “එතිල් මර්කැප්ටන්” නමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට නොපවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ හේතුවෙන් පාරිභෝගික සේවා පිළිබඳ අධිකාරිය විසින් එම නෞකාවල ඇති ගෑස් ගොඩබෑමට අවසර ලබානොදුනි.

එහෙත් ඊයේ (17) දිනයේ ඉන් එක් නෞකාවක ඇති ගෑස් ගොඩබෑමට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

(Aruna)