Tuesday, February 17, 2026
Follow Us
IMF ගියොත් පඩිත් කපන්න වෙයි ගෑස් තව වැඩි වෙයි - බන්දුල

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතිය යුතු බවට බොහෝ පාර්ශ්ව යෝජනා කළද හිතුමතේ එසේ කළ නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු රැසක් තිබෙන බවත්, රටතුළ පුළුල් සංවාදයක් සිදුකළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කරනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පතන්නේ නම් ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟවීමට සිදුවන බවත් ඉතිහාසය පුරා ණය ලබා ගත්තේ එවැනි කොන්දේසිවලට එකඟ වී බවත් ගුණවර්ධන මහතා පවසනවා.

අයවැය පරතරය 05% කට වඩා අඩු කිරීම හරහා රජයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා දීමනා අඩු කිරීම, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාම වැනි ජනතාවට දරාගත නොහැකි කොන්දේසි ඉදිරිපත් වීම අනිවාර්ය බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකඟ වුවහොත් ඇතිවන තත්වය පිළිබඳව ජනතාවගේ එකඟතාවය ලබා ගැනීම පිළිබඳව විමසිලිමත් විය යුතු බවද ඔහු පවසයි.

(LNW)