Tuesday, February 17, 2026
Follow Us
සත්ව ආහාර සඳහා බඩඉරිඟු ටොන් හතළිස් දාහකුත් තිරිඟු ටොන් ලක්ෂ දෙකකුත් ආනයනයට අවසර

දිනෙන් දින කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන තත්වයක් තුළ සත්ව ආහාර සඳහා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 40,000 කුත් තිරිඟු මෙට්‍රික් ටොන් 200,000 කුත් ආනයනය කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවසර ලබාදී ඇති බව පශූ සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.

"දැන් මේක මස් සහ බිත්තර වලට පමණක් වෙච්ච කාරණාවක් නෙවෙයි. සමස්ත ලෝකයේම මේ වනවිට භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එකක් නිෂ්පාදන ප්‍රමාණය අඩුවෙලා තියෙනවා, අනෙක නිෂ්පාදන පිරිවැය වැඩිවෙලා තියෙනවා. ප්‍රවාහන වියදම් වැඩිවෙලා තියෙනවා, නැව් ගාස්තු වගේ ඒවා දෙතුන් ගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. එවන් පසුබිමක් තුළ අපට සත්ව පාලන කටයුතු වලට සතුන්ට ඕනෙ ආහාර පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා.

එහෙම තියෙද්දී කොච්චර ආර්ථික ගැටලු තිබුණත් මුදල් අමාත්‍යතුමා අපට දැන් සත්ව ආහාර වෙනුවෙන් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 40,000 යි, තිරිඟු මෙට්‍රික් ටොන් 200,000 යි ආනයනය කරන්න දීලා, ඒවා ගොවියන්ට දීලා අපි බලාපොරොත්තු වෙනවා ඒකට උදව් කරන්න"

පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මේ බව පැවසුවේ ඊයේ (13) වාරියපොල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)