Tuesday, February 17, 2026
Follow Us
කොළඹ 20ට වැඩි අයට අද සිට බූස්ටර් එන්නත

20ට වැඩි අය බූස්ටර් එන්නත ගන්න ඕන මෙහෙමයි


කොළඹ නගරයේ වයස අවුරුදු 20ට වැඩි සියලුදෙනාට අද සිට ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත හැකි බව කොළඹ නගර සභාවේ වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

කොළඹ නගරේ රැකියාවේ නියුතු හෝ පදිංචි අයටද තමන් ආසන්නයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් බූස්ටර් එන්නත ලබාගැනීමට හැකියාව ඇත.

දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීමෙන් මාස 3ක් පසුවී ඇති පුද්ගලයන්ට මෙම බූස්ටර් මාත්‍රාව ලබාගත හැකි බව කොළඹ නගර සභාවේ වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවාය.

2 වන මාත්‍රාවෙන් පසු ඔබට කොවිඩ්-19 ආසාදනය වී ඇත්නම්, ආසාදනය වූ දින සිට මාස 6 කට පසු බූස්ටර් එන්නත ලබා ගතයුතු බවද අදාළ ට්විටර් පණිවුඩයේ සටහන් කර ඇත.

(Aruna)