කොළොම්තොට සරසවි උයන ජනතා අයිතියට
“කොළොම්තොට සරසවි උයන” නව මහල් නිවාස සංකීර්ණය ලබන 15වනදා පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් කොළඹ 05, පොල්හේන්ගොඩ, කාලිංග මාවතේ මෙම නව නිවාස සංකීර්ණය ඉදිකර තිබේ.
නිවාස 192 බැගින් වූ මහල් නිවාස ගොඩනැගිලි 02 ක නිවාස ගොඩනගා තිබේ.
ඉන් නිවාස 192 ක එක් ගොඩනැගිල්ලක් මෙම නිවාස සංකීර්ණය වෙනුවෙන් ඉඩම් ලබා දුන් කාලිංග මාවතේ පදිංචිව සිටි පවුල්වලට සහන ගෙවීමේ පදනම මත ලබාදී ඇත.
මේ සඳහා රුපියල් ලක්ෂ 10 ක් අය කෙරෙන අතර සහන වාරික ලෙස වසර 10 ක් තුළ එම සහන මුදල ගෙවීමට හැකියාව ඇත.
එසේම මේ සඳහා කිසිඳු පොලී මුදලක් අය නොකෙරේ.
ඉතිරි නිවාස 192 ක් සහිත ගොඩනැගිල්ල කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කළ අනවසර පදිංචිකරුවන්ට නොමිලයේ ලබා දී තිබේ.
සම්පූර්ණ නිවාස 528න් නිවාස 144ක් කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 800 ක් උදෙසා නේවාසිකාගාරයක් ලෙස භාවිතා කිරීමට කොළඹ විශ්වවිද්‍යාලයට ලබා දීමට නියමිතව ඇත.
මෙම නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක දල වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් පමණ වේ.
රුපියල් මිලියන 1,900 ක (බදු රහිත) වියදමින් ගොඩනැගූ මෙම නිවාස 528 නිදන කාමර 02 කින් සහ සියළු පහසුකම්වලින් සමන්විත වර්ග අඩි 450 කින් යුක්තය.
එමෙන් ම මෙහි බිම් මහල ඇතුළු මහල් 11 කින් ද සමන්විතය.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධීක්ෂණයෙන් අක්කර 01, රූඩ් 03, පර්චස් 13 ක භූමියක මෙම නිවාස ඉදිකිරීම සිදුකර තිබේ.
නිවාස හිමියන් සඳහා මෙහි පොදු රථගාල් පහසුකම් සලසා ඇත.
සියළු සනීපාරක්ෂක පහසුකම් ද සපයා ඇති අතර, කොළඹ මහ නගර සභාව සමඟ එක්ව අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩපිළිවෙලක් ද මෙහි ක්‍රියාත්මක කර ඇත.
(Aruna)