කඩිනමින් එන්නත ලබා දෙන්නැයි ඉල්ලීමක්
වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට එන්නත් ලබාදීම සඳහා අනුමැතිය ලැබී ඇති බැවින්, එම කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ෂාමන් රන්ද්‍රජිත් ප්‍රකාශ කර ඇත.
උත්සව සමය පැමිණීමත් සමඟ ඇතිවිය හැකි අහිතකර තත්වය ඊට හේතුව බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම වයස අවුරුදු 16ත් 19ත් අතර දරුවන්ට කොරෝනා මර්දන දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය තරම් එන්නත් මේ මොහොතේ පවතින අතර වයස අවුරුදු 60 ඉක්මවූවන් බූස්ටර් එන්නත ලබාගැනීමේ යම් අඩුවක් පෙන්නුම් කරන බැවින් කඩිනමින් එය ලබාගන්නා ලෙසද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ෂාමන් රන්ද්‍රජිත් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
(Aruna)