Wednesday, February 18, 2026
Follow Us
උත්සව සමයේ සංචරණය කරන්නේ නම් බූස්ටර් එන්නත අනිවාර්යයි - රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

උත්සව සමයේ සංචරණය කරන්නේ නම්, බූස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්යවරයා මේ බව කියා සිටියේ, මාධ්‍යයට අදහස් දක්වමිනි.

සාමූහික වශයෙන් සේවය කරන ස්ථාන, ඇගලුම් කර්මාන්තශාලා, රජයේ ආයතන, ආර්ථික මධ්‍යස්ථානවල සේවයේ නිරත වූවන් හැකි ඉක්මණින් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

පුද්ගලයන් විනෝදය හෝ ආගමික කටයුතු සදහා සංචරණය කිරීම නීති රීති පනවා නැවැත්වීම අසීරු බැවින් ඒ වෙනුවෙන් රජය පාර්ශවයෙන් කළ හැකි හොඳම දෙය නම්, බූස්ටර් එන්නත ලබාදී ජනතාවගේ ප්‍රතිශක්තීකරණය නැවත තහවුරු කිරීම බවත් පැවසීය.

 

බූස්ටර් එන්නත ලබා නොගෙන සාමූහික ඒකරාශීවීම් සහ විනෝද කටයුතු සිදුකළහොත් කොවිඩ් සුනාමියකට ලෑස්ති විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.


(news.lk)