නත්තල් දිනයේදී සංචාරක අමාත්‍යංශයේ අනුමත හෝටල්වලට මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබාදී ඇති බවට කොළඹ අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිදුකළ ප්‍රකාශය සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරනවා.
නත්තල් දිනයේදී මත්පැන් අලෙවි කිරීම සඳහා අවසර ලබාදීමට ගෙන ඇති තීරණයට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ සිය විරෝධය පළ කළා. ඒ, ගණේමුල්ල, බොල්ලන ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති දේවමෙහෙයකට එක්වෙමින්.
(Neth)