Wednesday, February 18, 2026
Follow Us
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව දෙසැම්බර් මස 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරිමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා.

පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ කරනු ලබන්නේ 2022 වර්ෂයේ ජනවාරි මස 18 වෙනිදා පෙරවරු 10.00ටයි.

(Neth)