Wednesday, February 18, 2026
Follow Us
විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් වසරකට බිලියන පහළොවක ඉතිරියක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් කළ හෙළිදරව්ව


විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැට පහ දක්වා දීර්ඝ කිරීමෙන් වාර්ෂිකව පාරිතෝෂික ගෙවීම සඳහා වැය වන මුදලින් රුපියල් බිලියන පහළොවක මුදලක් ගෙවීම් නොකර ඉතිරි කර ගැනීමට හැකි වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි. වාර්ෂිකව පාරිතෝෂික ගෙවීම් සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 35ක මුදලක් වැය කරයි. විශ්‍රාම යන වයස අවුරුදු හැට පහ කිරීමෙන් ගෙවිය යුතු වන්නේ රුපියල් බිලියන විස්සක මුදලක් පමණ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් හමුදා සාමාජිකයන්ට හා කලින් විශ්‍රාම යන පිරිස් වෙත ගෙවන පාරිතෝෂිත සඳහා තවදුරටත් රුපියල් බිලියන විස්සක මුදලක් අවශ්‍ය වන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අයවැය යෝජනාවකි.

(Aruna)