නැනෝ දියර පොහොර කෑන් පුපුරායාම සම්බන්ධයෙන් මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා.
ඊයේ දිනයේද ප්‍රදේශ කිහිපයක මෙම දියර පොහොර කෑන් පුපුරායාමේ සිද්ධීන් වාර්තා වුණා.
පවතින තත්ත්වය හමුවේ දියර පොහොරවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙත දැනුම්දී තිබෙනවා.
මෙලෙස නැනෝ දියර පොහොර කෑන් පුපුරායාමට හේතුව කුමක්ද? නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් විමසීමක් කළා.
නැනෝ දියර පොහොර සම්බන්ධයෙන් වන එම තත්ත්ව පරීක්ෂාවන් ජාතික පොහොර ලේකම් කාර්යාලය හරහා සිදුවන බවයි ආචාර්ය අජන්ත ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ.
(Aruna)