Wednesday, February 18, 2026
Follow Us
රටට ඇතුල්වෙන අවුරුදු 12ට අඩු දරුවන් PCR පරීක්ෂණයෙන් නිදහස්

විදේශගතව සිට මෙරටට පැමිණෙ වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා කොවිඩ් -19 PCR පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කෙසේවෙතත් වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් මෙරටට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් ආසාදිත නොවන බවට තහවුරු වූ PCR වාර්තාවක් ගුවන් තොටුපොළේදී ඉදිරිපත් කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

එලෙස පැමිණෙන පුද්ගලයින් ගතවූ මාස 3 තුළදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් ඔවුන් ආසාදිත නොවන බවට තහවුරු කිරීම සඳහා පැය 48ක් ඇතුළත සිදුකළ රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වනවා.

කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයෙක් බවට තහවුරු කිරීමට අවශ්‍ය ලිපිලේඛන ද ඔවුන් සතුවිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. විදේශගතවීමට පෙර ගුවන් තොටුපොළේදී සිදුකරන කොවිඩ් 19 PCR පරීක්ෂණය අවශ්‍ය නොවන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

(Neth)