ඖෂධීය කංසා අපනයනය කිරීම සදහා අවශ්‍ය නීතිමය කරුණු ඇතුළත් කෙටුම්පත සකස් කර අවසන් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
ඉදිරියේදී එම කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හඳුනාගෙන ඇති බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම් ඩී ජේ අබේගුණවර්ධන ඉකුත්දා ප්‍රකාශ කළා.
(Neth)