Wednesday, February 18, 2026
Follow Us
කුඩා දරුවන්ටත් එන්නත් ලබාදීමට අනුමැතිය

එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන්න ජනපති උපදෙස්


වයස අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව ඇත.

ජනාධිපති කාර්යාලයේ අද (10) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම්කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවයි.

මේ අතර, වයස අවුරුදු 16 ත් 19 ත් අතර දරුවන්ට කොරෝනා මර්දන එන්නතක දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ද අනුමැතිය හිමිව ඇත.

(Aruna)