Wednesday, February 18, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ගැන පාර්ලිමේන්තුවට හෙළි කරයි!

නොවැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1587ක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ස්ථාවර නියෝග යටතේ විමසා තිබූ පැනයකට පිළිතුරු දෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ.

ඒ අනුව ''කොවිඩ් 19 වසංගත හින්දා ගෝලීය ආර්ථික අර්බුදය තුළ ඇති වුණ බලපෑමට අමතරව අපේ රටේ විවිධ රජයන් විසින් ආර්ථික කළමනාකරණය කරද්දී කොහොමද ඇති වෙච්ච බලපෑම කියන කාරණාව. ඒ අනුව ගරු කථානායකතුමනි නොවැම්බර් මාසය වෙද්දී මෙන්න මෙහෙම තමයි අපේ සංචිත ප්‍රමාණය තියෙන්නේ. නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587යි. විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1009.5,ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 67යි. විශේෂ ගැනුම් හිමිකම් ඇමරිකානු ඩොලර් මිලියන 127.2යි,රත්රන් ඇමරිකානු ඩොලර් මිලියන 382.2යි.අනෙකුත් සංචිත ඩොලර් මිලියන 1.1යි.එකතුව 1587යි.'' යනුවෙන් සඳහන් කරන ලදී.

(LNW)