Wednesday, February 18, 2026
Follow Us
බොරතෙල් ගෙන්වන්න ඩොලර් නෑ

ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්


මේ වනවිට රජයට බොරතෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නො මැති වීම බරපතළ ගැටලුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඊට විසඳුමක් ලෙස රුපියල්වලින් ගෙවීම් කටයුතු සිදු කර බොරතෙල් ආනයනය කිරීමේ ක්‍රියා මාර්ගයක් කෙරෙහි යොමු වීමට ඇති හැකියාව සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මේ අදහස් පළ කළේ, දින 26ක් තිස්සේ වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවේ දී මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

(Aruna)