Wednesday, February 18, 2026
Follow Us
කොරෝනා ගැන තීරණය ගන්න අද විශේෂ සාකච්ඡාවක්

පවතින කොරෝනා තත්ත්වය ගැන ගන්න තීරණයක්


පවතින කොරෝනා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙරට පුරවැසියන්ට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙක ම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ නීති සම්පාදන කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 757ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 569,928ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව දැක්වූණේ 11,928ක් ලෙසයි.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,533ක දක්වා ඉහළ ගියේ, ඊයේ මෙරටින් වාර්තා වූ මරණ 28ත් සමඟයි.

(Aruna)