Wednesday, February 18, 2026
Follow Us
අපි සිහි බුද්ධියෙන් ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියල - මහජන ආරක්ෂක ඇමති

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය වැනි සිදුවීම් නැවත සිදු නොවීමට වග බලාගත යුතු අතර ඉස්ලාම් ආගමික නායකයින් ඉදිරියට පැමිණ එවැනි දේ ඔවුන්ගේ ආගමේ සඳහන් නොවන දේ බවත් ඒවායෙහි ප්‍රතිවිපාක පැහැදිලි කළ යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

මෙම ඝාතන සිදුවීම ගැන පකිස්ථාන ආරක්ෂක ඇමති කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලාවල පළවන දේ සත්‍ය නම් තමන්ද එම ප්‍රකාශයට විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් ඔහු සමස්ත ලංකාවාසීන්ගෙන් සමාව ගත යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මෙරටදී සහරාන් හෂීම් සිදුකළේද මෙවැනි දෙයක් වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම රටක් ලෙස සිහි බුද්ධියෙන් පසුවන අතර අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අවශ්‍ය වන්නේ එවැනි දේ ඉදිරියේදී සිදුවීම වළක්වා ගැනීම බවද හෙතෙම කියාසිටියි.

(LNW)