දෙසැම්බර් 04ට පෙර බෙදා හැරි, එල්.පී ගෑස් වහාම නැවත කැඳවන්න නියෝග
දෙසැම්බර් 04 වැනිදාට පෙර බෙදා හැරි, මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නො කළ එල්.පී ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
දිවයින පුරා සිදු වූ ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් පිළිබඳ සොයාබැලීමට ජනපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව ඊයේ මාධ්‍යයට නිකුත් කෙරුණා.
එහි දී එම කමිටුව විසින් සිදු කළ පරීක්ෂණවල එක් නිරීක්ෂණයක් වූයේ, ගෑස් පීඩනය යම් තාක් දුරකට වැඩි වී ඇති බවයි.
ඒ හේතුවෙන් රෙගියුලේටර් සහ ගෑස් බට පුපුරා යෑම ඇතුළු නිරන්තර පරීක්ෂාවට ලක් නොවූ ගෑස් ලිප්වලට හානි වීමේ සිදුවීම් ද මෙම කමිටුවේ අවධානයට යොමු වී තිබෙනවා.
මෙම කමිටුව විසින් සිදු කළ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරිය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.
(Aruna)