Wednesday, February 18, 2026
Follow Us
NRFC ගිණුම් සම්බන්ධයෙන් වන පුවතේ ඇත්ත නැත්ත මෙන්න

විදේශ ගතව සිටින ශ්‍රමිකයින් විසින් මෙරටට සිය මුදල් එවීම සඳහා යොදා ගනු ලබන NRFC ගිණුම්වල ඇති විදේශ මුදල් අද මධ්‍යම රාත්‍රිය වන විට රුපියල් වලට මාරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල පවසනවා.

සමාජ මාධ්‍ය තුළ 07 දිනයේදී පලවූ මෙම වාර්තා සමග අප විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන් එහි සත්‍ය අසත්‍ය භාවය විමසු අතර එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

(Neth)