ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය තනතුරින් ඉල්ලා අස්වනු ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග පවසයි.
වාරිමාර්ග හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් මෑතකදී එල්ල කළ දැඩි දෝෂාරෝපණයක් නිසා මෙසේ ජයසුන්දර මහතා ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවටයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
කෙසේවෙතත් පෞද්ගලිකව ගැටලුකාරී තත්වයන් පැවතිය ද මෙවන් දේශපාලන සහ ආර්ථික අර්බුදයක් මධ්‍යයයේ ජයසුන්දර මහතා කිසිසේත්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තනිකර නොයනු ඇති බවයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.
පසුගිය වසර දෙක පුරාවට අවස්ථා ගණනාවකදී පී.බී. ජයසුන්දර මහතා ඉල්ලා අස්වනු ඇති බවට හෝ තනතුරින් ඉවත් කෙරෙනු ඇති බවට විවිධ ආරංචි පැතිර ගියේය. එවන් පුවත් අපිදු පළ කළෙමු. එහෙත් ඒ කිසිවක් සත්‍යය නොවූ අතර අදටත් පී.බී. ජයසුන්දර මහතා සිය තනතුරේ කටයුතු කරමින් සිටී.
(LNW)