Wednesday, February 18, 2026
Follow Us
බණ්ඩාරවෙල තොග වෙළදපොළ සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු ගැන කෘෂිකර්ම රාජ්‍ය ඇමතිගේ අවධානය

බණ්ඩාරවෙල තොග වෙළෙඳපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු සම්බන්ධයෙන් පසුගියදා , නාගරික සංවර්ධන අධිකාරියේ දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.

මේ යටතේ තොග වෙළඳපොළ ඉදිකිරීම යටතේ තොග වෙළඳ කටයුතු, ගබඩා පහසුකම්, බැංකු සහ අනෙකුත් සේවා සඳහාද පහසුකම් සැලසීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ පහත කරුණු සම්බන්ධයෙන් සියලුම අංශ ආවරණය වන පරිදි අවධානය යොමු විය.
01. ඇටම්පිටිය මාර්ගය වෙනත් මගකට යොමු කිරීම.
02. වෙළඳපල සමග ඇති වැව ප්‍රතිසංස්කරණය කර නැවත ඉදිකිරීම.
03. වැව වටා ඇවිදින මං තීරුවක් සකස් කිරීම.
04. වෙළඳපල ආශ්‍රිතව මීටර් එකසිය හතලිහක් දිග අඩි 40ක මාර්ගයක් ඉදිකිරීම.
05. වෙළඳපලට අදාල රථ ගාල ඉදිකිරීම.

මෙම ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වගකීම පිළිබඳව ප්‍රගති සමාලෝචනයක යෙදුනු අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි වැඩ කටයුතු තවදුරටත් සාකච්ඡා විය.
බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්තුමන් ඇතුළු නිලධාරීන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු නිලධාරීන්, වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම බණ්ඩාරවෙල නාගරික කොමසාරිස්, දිසාපතිතුමන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

(news.lk)