Wednesday, February 18, 2026
Follow Us
අද සිට පැයක් විදුලිය කැපෙයි

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම හේතුවෙන් අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

පස්වරු 06 ත් රාත්‍රී 09.30 ත් අතර කාලය තුළ පැයක කාලයක් එලෙස විදුලි සැපයුම අත්හිටුවන බවයි විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.

විදුලි සැපයුම අත්හිටුවන ප්‍රදේශ සම්බන්ධයෙන් නිශ්චිත දැනුම්දීමක් සිදුකළ නොහැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

ඉකුත් දා සිදුවූ හදිසි විදුලි සැපයුම බිඳවැටීම පිළිබඳ මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.

(Neth)