Wednesday, February 18, 2026
Follow Us
ඔමික්‍රෝන් ආසාදිත වූ කාන්තාව සෞඛ්‍ය නීති කඩකළාද? සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිළිතුරු

මෙරටින් පළමු වරට හදුනා ගැණුනු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව දිවයිනෙන් පිටත්ව ගිය ආකාරය සහ යළිත් පැමිණි ආකාරය පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ, ඇය කිසිඳු කොරෝනා මර්දන එන්නතක් ලබා නොමැතිවීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපළ බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් වගකිම් පැහැර ඇති බවට ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කළා. මේ, එම සංගමයේ සභාපති උපුල් රෝහණ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හෙරත්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ලැබී ඇති තොරතුරු අනුව අදාළ කාන්තාව දිවයිනට පැමිණි ක්‍රමවේදයේ කිසිඳු ගැටළුවක් නොමැති බවයි.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සියලුදෙනා සිය රටකින් පිටවීමේදී එන්නත්කරණයට ලක්වූ බවට ලද සහතිකය ඉදිරිපත් කළ යුතු වනවා.

එවන් පසුබිමක අදාළ කාන්තාව දිවයිනෙන් පිටත්ව ගියේ කෙසේදැයි නෙත් නිවුස් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හෙරත්ගෙන් විමසීමක් කළා.

මෙලෙස ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගත් කාන්තාව මාරවිල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්.

ඇය ඉකුත් 24 වනදා දිවයිනට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

(Neth)