Wednesday, February 18, 2026
Follow Us
විදෙස් මුදල් එවන අයට විශේෂ දැනුම්දීමක්

මහ බැංකුවවෙන් ජනතාවට දැනුවත් කිරීමක්


ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ තම යැපෙන්නන්ට විදේශ මුදල් ප්‍රේෂණය කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ජාවාරම්කරුවන් හරහා එම මුදල් එවන්නට පෙළඹෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබෙනවා.

එසේ කෙරෙන විට ඇතැම් තැරැව්කරුවන් වෙනත් රටවලින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ විදේශ මුදල් එකතු කර ගනිමින් ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ රුපියල් මගින් ඔවුන්ගේ යැපෙන්නන්ගේ ගිණුම්වලට මුදල් වශයෙන් බැර කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ජාවාරම්කරුවන්ට හසු නොවී තමන්ගේ විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන බැංකු සහ මූල්‍ය ආයතන හරහා හෝ ජාත්‍යන්තර බැංකු හෝ මූල්‍ය සමාගම් හරහා හෝ පමණක් එවීමට කටයුතු කරන ලෙසයි.

(Aruna)