Wednesday, February 18, 2026
Follow Us
දුම්කොළ සහ ස්කාගාර ජනසතු කරන්න

ඩොලර් හිඟයට විසඳුමක් වාසු කියයි


ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස දුම්කොළ සමාගම හා ස්කාගාර සමාගම ජනසතු කරන ලෙසට ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා යවා ඇත.

විදේශිකයන් වෙත සියයට අනූවක අයිතිය ඇති බැවින් රාජ්‍ය ආදායමට විසඳුමක් ලෙසද දුම්කොළ සමාගම ජනසතු කරන ලෙසට යෝජනා කරන බව ඇමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

රජයට විශාල ආදායමක් ලබාදුන් ස්කාගාර සංස්ථාව පුද්ගලීකරණය කිරීමෙන් එම ආදායමද අහිමි වී ඇති බැවින් එයද ජනසතු කරන්නැයි ඇමැතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇත. මෙය විධායක සභාවටද යොමු කර තිබේ.

(Aruna)