දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමත් සමග අක්‍රිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය යළි සම්පූර්ණයෙන්ම සක්‍රිය කිරීමට දින 03ක කාලයක් ගතවන බව විදුලිබල මණ්ඩලය පවසයි.
එහෙයින් ලබන සඳුදා (06) දිනය දක්වා ඉල්ලුම මත පදනම්ව දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විටින් විට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්. එම්. රණතුංග මහතා සඳහන් කළේ.
මෙගාවොට් 900ක් විදුලිය නිපදවන නොරොච්චෝලේ බලාගාර තුනේම යන්ත්‍ර සහ බොයිලේරු නැවත සාමාන්‍ය තත්වයට පත්කිරීමට දින තුනක් ගත වන අතර සඳුදා සිට විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
(LNW)