අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
දෙසැම්බර් මස ලබාදීමට නියමිත පාසල් නිවාඩුවෙන් පසු යළි ආරම්භ වන දිනයේ වෙනසක් සිදුවන අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ දෙසැම්බර් 23වනදා ලබාදෙන නිවාඩුවෙන් අනතුරුව 2022 ජනවාරි මස 03වන සදුදා දින යළි ආරම්භ කරන බවයි.
මීට පෙර පාසල් නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කර තිබුනේ දෙසැම්බර් මස 23 වන දින සිට දෙසැම්බර් මස 27 වනදා දක්වා වන අතර, එම දිනයන් මෙලෙස සංශෝධනය කර තිබේ.
(Aruna)