Wednesday, February 18, 2026
Follow Us
රට තුළ, නීති විරෝධිව ඩොලර් රුපියල් කරන ගිණුම් 500 ක්

නීතිවිරෝධී මුදල් සම්ප්‍රේක්‍ෂණ ක්‍රම හරහා මුදල් බෙදාහරින හා ලබාගන්නා අයගේ බැංකු ගිණුම් 500 ක් හදුනාගෙන ඇතැයි රජයේ ඉහළ පෙළ් ආරංචි මාර්ග පවසනවා. එම ගිණුම් 15 ක් දැනටමත් අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ. එලෙස මේ දක්වා බැංකු ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින් 06 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කර තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ නීතිවිරෝධී මුදල් සම්ප්‍රේක්‍ෂණ ක්‍රම හරහා මුදල් බෙදාහරින හා ලබාගන්නා අයගේ බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

නෙත් නිවුස් ඉකුත් සමයේ පෙන්වා දුන්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවල සිට මෙරටට මුදල් එවීමේ අඩුවීම හේතුවෙන් මෙරට ආර්ථිකයටද දැඩි බලපෑමක් කර ඇති බවයි. එලෙස මුදල් එවීම අඩුවීමට ප්‍රධාන හේතුව වූයේ නීිතිවිරෝධි ක්‍රම ඔස්සේ මෙරටට එවන ඩොලර් සදහා මෙරට කළුකඩ වෙළදපොළේදී ඉහළ වටිනාමක් හිමිවීමයි.

ඊට විසදුමක් ලෙසයි දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවල සිට එවන එක් ඩොලරයක් සදහා රුපියල් දහයක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත්තේ.

(Neth)