අයවැය සම්මත වීමට පෙර රාජ්‍ය සේවකයින්ට අවම වශයෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා නොදුන හොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
මෙවර අයවැයෙන් කිසිදු වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයින්ට ලබාදී නොමැති බව මහනුවර – අලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා ප්‍රකාශ කලේය.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති හෙයින් දීමනාවක් ලබාදීම රජයේ වගකීම බව වැඩිදුරටත් සඳහන් කරයි.
(Aruna)