Wednesday, February 18, 2026
Follow Us
ඉදිරියේදී වෙනස්වන කොළඹ නගරය

අගමැතිගෙන් කොළඹ සංවර්ධනයට උපදෙස්


කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයක් නව වෙළෙඳ ආර්ථික දැක්මක් යටතේ සංවර්ධනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

දිවයිනට පැමිණෙන සංචාරකයින්ට තොරතුරු සපයන කාර්යාලයක්, පාවෙන වෙළද සංකීර්ණය තුළ විවෘත කිරීමට මෙන්ම අදාළ ආර්ථික මර්මස්ථාන තුළ මාස 6ක කාලයක් දක්වා ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.

ඒ අනුව කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය, ලන්දේසි රෝහල, ගෝල් සෙන්ටර් සහ තුරඟ තරග පිටිය ඇතුළු තවත් ස්ථාන කිහිපයක් මෙලෙස සංවර්ධනය කිරීමට කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ.

(Aruna)