Wednesday, February 18, 2026
Follow Us
තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් දිවයිනට

විශාලතම ෆයිසර් එන්නත් මාත්‍රා තොගය දිවයිනට


තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,503,450ක් අද (02) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.

ඒ ඩුබායි සිට මෙරටට ළඟා වූ ගුවන් යානයකිනි.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ අද (02) උදෑසන මෙරටට රැගෙන එනු ලැබුවේ මෙතෙක් මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය බවයි.
රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව ඇණවුම් කළ එන්නත් තොගයක් එලෙස එම එන්නත් මෙරටට රැගෙන ආ බව අමාත්‍යවරයා පැවසීය.

එම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශයේ මධ්‍යම ඖෂධ ගබඩාවට රැගෙන ගිය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

(Aruna)