Wednesday, February 18, 2026
Follow Us
ඔමික්‍රෝන් මේ වන කොට ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන්

ඔමික්‍රෝන් ගැන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියන කතාව


ඇතැම්විට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිර ගොස් තිබිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මෙරටට පැමිණිම සියයට සියයක් සම්පූර්ණයෙන් නැවැත්විය නොහැකි බවයි.

ගුවන් තොටුපොළින් පැමිණෙන සියලුම මගීන්ව ජාන විශ්ලේෂණය කළහොත් පමණක් එම ප්‍රභේදය සමඟ පැමිණෙන පිරිස් හඳුනාගත හැකි බවත් එය ඉතා වියදම් අධික මෙන්ම කාලය ගතවන පරීක්ෂණයක් බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

“මේ ප්‍රභේදය එන්නේ ලේබල් කරගෙන කොඩි ගහගෙන නෙමෙයි. ඒ නිසාම තමා එන පුද්ගලයෙක්ගෙන් මේක සොයා ගැනීමට පුළුවන් කමක් නැහැ ජාන විශ්ලේෂණයක් නොකර.
මේක සමහර විට ලංකාවේ මේ වන කොට පැතිරිලා තියෙන්න ඉඩ තියෙනවා. මේ ප්‍රභේදය සමග පැමිණෙන අය ඒ මොහොතේ හදුනාගන්න පුළුවන් වෙන්නේ ඒක ඉතා වියදම් අධික කාලය ගතවන ශ්‍රමය අධිකව අපහසුවෙන් සිදුකරන්න වෙන පරීක්ෂණයක්.
ඒ නිසාම අපි කරන්නේ ගුවන් තොටුපළින් පැමිණෙන අයගේ අධි අවදානම් කණ්ඩායම් හදුනාගත්තොත්, ඒ අයගේ සාම්පල් යම් ආකාරයකට ජාන විශ්ලේෂණය සදහා තෝරා ගැනීම සදහා අවස්ථාවන්ට යොමු කරනවා.
ඒ හැරුනම අපිට පොදු ගන්න ඔ්න ක්‍රියාමාර්ග ගුවන් තොටුපල අරන් තියෙනවා.”

(Aruna)