කිසිදු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට බලය නැහැ – ප්‍රමිති ආයතනය
ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න එම නිවේදනයෙන් සදහන් කර ඇත්තේ තම ආයතනයට LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බලය ලබා දී ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සියලුම ප්‍රමිතීන් ස්වේච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
කිසිදු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට එම ආයතනයට බලයක් නොමැති බවද එම ආයතනය සදහන් කරයි.
ඊට අමතරව ඔවුන් පෙන්වා දී ඇත්තේ කපාට, රේගියුලේටර් සහ නම්‍යශීලී හෝස් සඳහා නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය කර ඇති බවයි.
එහි අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වගකීම බව එම නිවේදනයේ දැක්වේ.
(Aruna)