ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇති ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් දිවයිනට ඇතුලුවී නැතැයි කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් ඒ බව සඳහන් කළා.
පවතින තත්ත්වය හමුවේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සහ ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්්‍ය මණ්ඩලය බූස්ටර් එන්නත ලබා ගැනීම මේ මොහොතේ වඩාත් වැදගත් වන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
තමන්ට ඇති වගකීමක් සේ සලකා බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්නැයි වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ගෙන් මෙහිදී ඉල්ලීමක් ද කළා.
(Neth)