Wednesday, February 18, 2026
Follow Us
ගෑස් පිපිරීම් ගැන සොයන උපදේශක කාරක සභාව පෙරවරුවේ රැස්වෙයි

ගෑස් සම්බන්ධයෙන් මේවනවිට මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෙළඳ අමාත්‍යශයීය උපදේශක කාරක සභා රැස්වීමක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙනවා. උදෑසන 09 ට පැවැත්වෙන එම රැස්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශව රැසක නියෝජිතයින් කැඳවන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ.

මේ අතර ගෑස් කාන්දුවීම් සහ පිපිරීම් ආශ්‍රිත මොරටුව විශ්වවිද්‍යාලයේ විද්වත් කමිටුව විසින් සම්පාදනය කරන ලද විශේෂඥ මත ඇතුලත් වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද භාරදීමට නියමිතයි. මොරටුව විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය ශාන්ත වල්පොළගේ නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලබාගත් ගෑස් සාම්පල 12 ක සංයුතිය සහ ඒ සම්බන්ධයෙන් සිය මතය අදාළ වාර්තාවට ඇතුලත් කර ඇති බවයි.

මේ අතර පාරිභෝගිකයින්ට ගෑස් සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම්දීමට ලිට්‍රෝ සමාගම දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව 13 යි 11 යන ක්ෂණික දුරකතන අංකයට එම ගැටලු දැනුම්දිය හැකි බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

(Neth)