නව මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
නව මාර්ගෝපදේශවලට අනුව මංගල උත්සව එළිමහනේ පැවැත්වීමට නව මාර්ගෝපදේශ ධෛර්යමත් කර තිබෙනවා.
ඒ අනුව එළිමහන් විවාහ උත්සවවල ආරාධිතයන් සංඛ්‍යාව මීට පෙර පැවති 150 සංඛ්‍යාවේ සිට 250ක් දක්වා ලිහිල්කර ඇත.
මේ අතර මීට පෙර ශාලාවල පැවැත්වෙන මංගල උත්සව සඳහා සහභාගී වීමට අවසර හිමිවූයේ 150ක පිරිසකට පමණි.
කෙසේ වෙතත් නව මාර්ගෝපදේශවලට අනුව උත්සව ශාලාවේ ධාරිතාවයෙන් තුනෙන් එකක් හෝ උපරිම 200ක් මංගල උත්සවය සඳහා සහභාගී වීමට අවසර ලබා දී තිබෙනවා.
කෙසේ නමුත් මත්පැන් භාවිත කිරීමට අවසර ලබා දී නැහැ.
එසේම පැවති සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කරමින් සිනමා ශාලාවල පැවති 50% ධාරිතාව 75% දක්වා වැඩිකර ඇත.
මේ අතර මරණයක් සිදුවූ විට සිරුර නිදහස් කර පැය 24ක් ඇතුළත එහි අවසන් කටයුතු සිදුකළ යුතු බව නව මාර්ගෝපදේශ වල දැක්වේ.
මරණ ගෙදර එක් අවස්ථාවක සිටිය හැකි උපරිම ගණන 20කි.
(Aruna)