Wednesday, February 18, 2026
Follow Us
කංසා අපනයනයට ඉදිරි මාස 03 ඇතුලත අනුමැතිය

කංසා අපනයනය සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය ඉදිරි මාස 03 ඇතුලත ලබාදීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, අයවැය කාරක සභා විවාදයේ හත්වැනි දිනය වූ අද විවාදයට එක් වෙමින්. සෞඛ්‍ය අමාත්‍යංශය, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැණුනා.

(Neth)