Wednesday, February 18, 2026
Follow Us
ඉදිරියේ දී ගෙන්වන වාහන ගැන ඉඟියක්

ලබන වසරේ සිට රජය අලුත් දෙයක් අරඹන්න හදයි


විදුලි බලයෙන් ක්‍රියා කරවන වාහන හඳුන්වා දීම මඟින් මෙරට වායු දූෂණය යම් තරමකට අඩු වන අතර, විදුලි බලයෙන් ක්‍රියා කරවන බස් රථ ද ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

පරිසර අමාත්‍යාංශයේ අද (30) පැවති නව ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරය දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අද අපේ රටට ආනයනය කරන ඉන්ධනවලින් සියයට 71ක් යොදා ගන්නේ වාහන ධාවනය සඳහායි. කොළඹ නගරයේ වාහන ධාවන වේගය තදබදයක් ඇති වේලාවල දී දැනට වේගය පැයට කිලෝමීටර් 06ක් දක්වා අවම වී තිබෙනවා. මේ වනවිට රජය වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. යම් විදියකින් තවත් වාහන ආනයනය කළහොත් සමහරවිට වාහනය එක තැන පැය ගණනක් නතර කර සිටීමට සිදුවේවි. රජය විසින් ඉදිරියේ දී වාහන ආනයනයේ දී විදුලිබලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා මවිසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. එම යෝජනාව ඉන් එහාට යමින් නාගරික ප්‍රදේශවල ප්‍රවාහනය සඳහා විදුලිබලයෙන් ක්‍රියා කරන පහත් පතුල් සහිත විශාල ප්‍රමාණයේ බස් රථ යොදා ගනිමින් Shuttle Bus සේවාවක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට රජය සැලසුම්කර තිබෙනවා.”


(Aruna)