පොහොර තහනම ඉවත් කර ඇතත් ශ්‍රී ලංකාවට පොහොර ගෙන්වීම සඳහා අදාළ සමාගම් වලට තවත් මාස තුනකවත් කාලයක් ගතවෙනු ඇති බවත් ඒ මාස තුනක කාලය තුළ මෙරට එළවලු වගාව වැනිදෑ විශාල අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
"පොහොර තහනම ඉවත් කරලා තියෙනවා. නමුත් තව කොහොමත් මාස තුනක්වත් යනවා මේ සියලුම පොහොර ද්‍රව්‍ය ලංකාවට ගේන්න. ඉතින් එතකල් විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ හදිස්සියේ ගැසට් ගහලා අයින් කළායි කියලා ප්‍රශ්නෙ එකපාරට විසඳෙන්නෙ නෑ. මොකද ලංකාවෙ තියෙන කොම්පැනි වලට මෙච්චර කාලයක් ගෙන්වන්න දෙන්නෙ නැතිවුණාම ඒ අයත් ඒ අයගේ ඉල්ලුම් කරන්න සෑහෙන කාලයක් ගන්නවා. අනිවාර්යයෙන් තව මාස තුනක්වත් යයි මේ අවශ්‍ය කරන පොහොර සහ අනෙකුත් ද්‍රව්‍ය ලබාගන්න. ඉතින් ඒ නිසා මං හිතන්නෙ ඒ මාස තුනක කාලය තුළ ලංකාවෙ එළවලු වගාව එහෙම විශාල ප්‍රශ්නෙකට මුහුණ දෙනවා"
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)