Wednesday, February 18, 2026
Follow Us
ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වාර්තාවක් ජාත්‍යන්තරය තුළ නෑ - රාජ්‍ය අමාත්‍ය අලගියවන්න

ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වාර්තාවක් ජාත්‍යන්තරය තුළ හෝ නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ද සඳහන්ව ඇත්තේ ගෑස්වල පීඩනය සම්බන්ධයෙන් පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

දැනට වෙළඳපලේ පවතින ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලිය හැක්කේ ප්‍රමිති ආයතනය ගෑස් සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවලින් පමණක් බව ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

 

(Neth)