Wednesday, February 18, 2026
Follow Us
ඔමික්‍රෝන් ප්‍රභේදයට වැට බඳින්න සෞඛ්‍ය ප්‍රධානීන් අද රැස්වෙයි

රටවල් රැසක සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වෙනවා. මේවනවිට අප්‍රිකානු රටවල් 06 කින් සංචාරකයින් මෙරටට පැමිණීම තහනම් කර තිබෙනවා.

එම නව ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත ලබාගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සහ සෞඛ්‍ය විශේෂඥයින් අතර අද පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙලෙස අදහස් පළ කළා.

තවත් නොබෝ දිනකින් ඩෙල්ටා ප්‍රභේදය අභිබවා ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන ප්‍රමුඛ කොරෝනා ප්‍රභේදය බවට පත්වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.

එබැවින් යම් ආරක්ෂාවක් ලබා ගැනීමට මෙරට සියලු ජනතාව එන්නත්කරණයට ලක් විය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ දක්වා පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් පිරිසෙන් බොහෝ දෙනෙකු නියමිත කාලයේදී දෙවන මාත්‍රාව ලබාගෙන නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ.

(Neth)