සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන එම තනතුරින් ඉවත් කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රබලයින් පිරිසක් උත්සාහ දරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
එම තනතුර සඳහා දැනට රාජ්‍ය අමාත්‍යාංශයක ලේකම් ධූරයක කටයුතු කරන අයෙකු පත් කිරීමට අදාල පාර්ශව උත්සාහ දරමින් සිටින බවයි පැවසෙන්නේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට අදාල පුද්ගලයා පත් කිරීමට එවැනි උත්සාහයක් පවතින්නේ ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දැනුවත්ව නොමැති බවට ද වැඩිදුරටත් වාර්තා වනවා.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීමකට සහභාගීවීම සඳහා මේ දිනවල රටින් බැහැරව සිටිනවා.
(NEth)