මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යංශයේ ලේකම් රංජිත් පේමසිරිගෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එහි තවත් වැඩකටයුතු කිහිපයක් සිදු කිරීමට ඇති බැවින් බොහෝ විට දෙසැම්බර් මාසයේ මුල් සතිය තුළ එම මාර්ගය විවෘත කළ හැකි බවයි.
කෙසේවෙතත් ඉකුත් 20වනදා මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේ අද දින මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කරන බවයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අදියර 4 ක් යටතේ සිදු කෙරෙනවා. මීරිගම සිට කුරුණෑගල කොටස එහි දෙවන අදියරයි. එම මාර්ග කොටසේ සම්පූර්ණ දුර කිලෝමීටර් 40 යි දශම 9 ක් වනවා.
(Neth)