Wednesday, February 18, 2026
Follow Us
පාසල් නිවාඩු දින ගැන විශේෂ නිවේදනයක්

පාසල් විභාග පැවැත්වෙන දිනයන් දැනුම් දෙයි


දිවයිනේ සියලුම රජයේ පාසල් සඳහා දෙසැම්බර් සහ අප්‍රේල් පාසල් නිවාඩු දින පිළිබඳ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අදාළ නිවාඩු ලබාදෙන දිනයන් පහත පරිදි වේ.

නත්තල් නිවාඩුව වෙනුවෙන් දෙසැම්බර් 23, 24, 25, 26 යන දිනවල සියලුම පාසල් වසා තැබෙනු ඇත.

*2022 පෙබරවාරි 03 සිට 2022 මාර්තු 3 දක්වා උසස් පෙළ විභාග නිවාඩු (ප්‍රාථමික අංශ සඳහා නොවේ)

*අප්‍රේල් නිවාඩු දින 2022 අප්‍රේල් 09 සිට 17 දක්වා (සිංහල/දෙමළ පාසල්)

*අප්‍රේල් නිවාඩු දින: අප්‍රේල් 01 සිට මැයි 03 දක්වා (මුස්ලිම් පාසල්)

මිට අමතරව උසස් පෙළ, සා/පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සඳහා විභාග දිනයන් ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබේ.

*5 ශ්‍රේණිය : 2022 ජනවාරි 22

*අ.පො.ස. උසස් පෙළ : 2022 පෙබරවාරි 07 සිට මාර්තු 05 දක්වා

*අපොස සා/පෙළ : 2022 මැයි 23 සිට ජූනි 1 දක්වා

(Aruna)