Wednesday, February 18, 2026
Follow Us
රට වෙනුවෙන් ඉදිරියේදීත් ජනප්‍රිය නොවන තීන්දු ගැනිමට සිදුවන බව ජනපති කියයි

ගෝලීය ආර්ථික අභියෝග ජයගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදීද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එම තීරණ විවේචනයට ලක් වුවද නුදුරු අනාගතයේදී එහි ප්‍රතිලාභ රටට සහ ජනතාවට හිමිවනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

(Neth)