ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් ඇති කළ පමණින් ජනතාවට ක්ෂණික සහන දීමේ හැකියාවක් නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.
එලෙස ක්ෂණික සහන ලබාදිය නොහැකි වන්නේ එම අරමුලදට අරමුදල් රැස්වන්නේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යනවිට එම වාසියේ කොටසක් ලෙසින් වන හෙයින් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එහෙත් මේ වන විට අරමුදලක මුදල් ද නොමැති අතර භාණ්ඩාගාරයෙන් මුදල් නොලැබෙන බවද පවසන ගම්මන්පිල අමාත්‍යවරයා කියා සිටියේ මෙවන් පසුබිමක් තුළ මෙම අරමුදල පිහිටුවීමෙන් ක්ෂණික වාසියක් ලබාදිය නොහැකි බවයි.
කෙසේවෙතත් මේ මොහොතේ රටට ගැළපෙන්නේ ඉන්ධන මිල සූත්‍රයක් බවද හෙතෙම අවධාරණය කරන ලදී.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද (26) බලශක්ති අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවේදීය.
(LNW)