Wednesday, February 18, 2026
Follow Us
කොවිඩ් කරල ගැන රජය ගත් අවසන් තීරණය

කොවිඩ් මර්දන විශේෂ කමිටුව වැදගත් තීරණ කිහිපයකට එළඹෙයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණ කිහිපයකට එළඹ තිබේ.

කොවිඩ් දෙවන මාත්‍රාව ලබා මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මගින් බූස්ටර් මාත්‍රාව ලබාදීම.
රෝහල් වෛද්‍ය සායන සදහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනා ද එම සායන තුළදී බූස්ටර් එන්නත ලබාදීම.
කොවිඩ් මර්දන දෙවන එන්නත ලබා මාසයක් ඉක් වූ වයස අවරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින් පෙළෙන සියලුදෙනා තුන්වන මාත්‍රාව ලබාදීම.
පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝනොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම.
මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එම පිරිසට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි බවයි.

මේ අතර කොවිඩ් ආසාදිතයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර් කරල ලබාදීම පිළිබදව සාකච්ඡා වී ඇති අතර, කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට උපදෙස් දී තිබේ.

(Aruna)