අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විභාග කොමසාරිස් ධූරයට
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්. එම් . ඩී ධර්මසේන මහතා නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ධූරයේ කටයුතු කළ බී. සනත් පූජිත මහතා අද (26) දින විශ්‍රාම යාම හේතුවෙන් එම පත්කිරීම සිදුකර ඇත.
ඒ අනුව එල්. එම් . ඩී ධර්මසේන මහතා ඉදිරි සතියේදී එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිව තිබේ.
කොළඹ ආනන්ද සහ මහානාම යන විදුහල්වල විදුහල්පතිවරයා ලෙස ද සේවය කළ ධර්මසේන මහතා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වේ.
(Aruna)