මේ මොහොත වන විට ආර්ථිකයට විශාල අභියෝගයන් තිබුණද රටේ ස්ථායීභාවය රැකගෙන ඉදිරියට ගොස් තිබෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ලෝකය පුරාම අද වන විට බඩු මිලේ ඉහළ යාමක් සිදුව තිබෙන අතර රට තුළ, පවතින මට්ටමින් හෝ මිල ගණන් පවත්වාගෙන යාම තුළ රජයට විශාල පාඩුවක් සිදුව තිබෙන බවයි අධිපතිවරයා සඳහන් කරන්නේ.
තමන් පසුගිය සති අන්තයේ යාපනය ප්‍රදේශයට ගිය බවත් එම ප්‍රදේශයේ එකදු තැනක හෝ ඉන්ධන පෝළිමක්,ගෑස් පෝළිමක් නොදුටු අතර කොළඹ ස්ථාන කිහිපයක පවතින තත්ත්වයන් රටේම තත්ත්වය ලෙස ගැනීම සාධාරණ නැති බවයි හෙතෙම පවසන්නේ.
''මම කියන්නේ නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ කියල. ලෝකයේ පීඩනයක් තියෙනවා. ඒ පීඩනය අපිටත් දැනිල තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක රජයේ සේවකයින් හැමෝටම පඩි නඩි හම්බෙනවනෙ මෙච්චර අමාරු වුණත්. කාටවත් කියන්න පුළුවන්ද අපිට පඩි හම්බුණේ නැහැ කියල. බැංකු වලින් ණය ලබාදෙනවනේ.පසුගිය මාස 09 තුළ ණය දීම සමස්තයක් හැටියට වැඩිවෙලා තියෙනවා. එහෙම වැඩි වෙන්නේ නැහැ රටේ ප්‍රගතියක් නැත්නම්. ඒ නිසා ඒ දේවල් සිදුවෙන බව පිළිඅරගෙන අභියෝගයක් තිබෙන බවත් පිළිඅරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි.''
මේ අතර මාහාමාර්ග සෑදීමද ජනතාවට ලබාදෙන සහනයක් බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.
එමෙන්ම වත්මන් රජය දිගුකාලීනව ලබා දුන් පොරොන්දු ඉටුකිරීමට කටයුතු කරන බවද ඔහු කියාසිටියි.
(LNW)